චීනයේ හෝටලයක පිපිරීමෙන් 2ක් මරුට

140

උතුරු චීනයේ පිහිටි බැදපු කුකුළු මස්, අලෙවි කරන හෝටලයක ඊයේ (13 දා) සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගත් බවට විශ්වාස කරන දැවැන්ත පිපිරීමක් නිසා පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් විසිහය දෙනෙකු තුවාල ලබා තිබේ.

උතුරු චීනයේ මධ්‍යම හෙබෙයි පළාතට, අයත් සැන්හේ නගරයේ පිහිටි හෝටලයක සිදුව ඇති මෙම පිපිරීම, හේතුවෙන් යාබද ගොඩනැඟිලි මෙන්ම නවතා තිබූ මෝටර් රථ ගණනාවක් ම විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ. පිපිරීමත් සමග ම දැවැන්ත තැඹිලි පැහැති ගිනි බෝලයක් හටගත් බවත් අනතුරුව අළු පැහැති දුම් ධාරාවන් බිලියන ගණනක් විහිදුණු බව චීන මාධ්‍ය, විසින් වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment