පෙන්ටගනයේ රහස් මුදාහල ගුවන් භටයාට වසර 15ක සිර දඬුවම්

126

පෙන්ටගනයේ රහස්‍ය දත්ත අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමෙරිකානු ගුවන් භටයාට වසර 15ක සිරදඬුවම් නියම කර තිබේ.

21 හැවිරිදි ඇමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයෙක් වන මොහු එෆ්.බී.අයි. නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

අන්තර්ජාලයට මුදා හැර තිබූ රහස්‍ය දත්ත හරහා ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශ්ව රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය විය.

විදෙස් වාර්තා සඳහන් කළේ ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුට චෝදනා 02ක් යටතේ නඩු පැවරීමට පියවර ගෙන තිබූ බවය.

ඒ අනුව පළමු චෝදනාවට සැකකරුට වසර 10ක සිරදඬුවමක් සහ දෙවන චෝදනාවට වසර 05 ක සිරදඬුවමක් ලෙස වසර 15 ක සිරදඬුවම් නියම කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment