‘වේගා’ ට RMV අනුමැතිය ප්‍රථම රථයට අංක තහඩුව දෙයි

181

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වන “වේගා” මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම 03 වැනිදා සිදුකෙරුණු අතර ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

‘වේගා’ ට RMV අනුමැතිය ප්‍රථම රථයට අංක තහඩුව දෙයි

එහිදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ඊට අදාළ අංක තහඩුව ලබාදීම සිදුකෙරිණි.

එම ලියාපදිංචි කරන ලද පළමු වේගා මෝටර් රථය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් පදවාගෙන ගිය අතර, රථයේ ඉදිරිපස අසුනේ ආචාර්ය බන්දුුල ගුණවර්ධන ඇමැතිවරයා ද ගමන් ගත්තේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment