කොළඹ පාසල් 10 ක දරුවන් රැසකට කොවිඩ් – ස්ටාලිං කියයි

214

කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් 10 ක දරුවන් සහ ගුරුවරුන් රැසකටම කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඒවායේ පන්ති කාමර වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවැසීය. තවත් දරුවෝ හා ගුරුවරුන් රැසක් නිරෝධායනය වෙමින් සිටින බවද හේ සඳහන් කළේය.

එපමණක් නොව දිවයින පුරා පාසල් ගණනාවකම දරුවන් හා ගුරුවරුන් විශාල පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්ව ඇතැයිද හෙතෙම කීය. පාසලට පැමිණෙන දරුවන් හා ගුරුවරුන් කොවිඞ්වලින් ආරක්‍ෂා කර ගැනීමේ නිසි වැඩපිළිවෙළක් අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර නොමැතිකම කනගාටුවට කරුණක් බවද හේ සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment