රනිල් හොරෙක් නොවේ : ඔහුට සැලියුට් කරන්න මං මැලි වෙන්නේ නෑ – ෆොන්සේකා කියයි

1054

“රනිල් හොරෙක් නොවෙයි. මාව දේශපාලනයට ගෙනාවෙත් ඔහුයි. එතුමාට සැලියුට් කරන්න මම මැලි වන්නේ නැහැ” යැයි ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

තමා පසුගිය කාලයේ රණවිරු සැමරුම් උත්සවවලට සහභාගී නොවූ බවත් එහෙත් යුතුකමක් ලෙස මෙවර රණවිරු සැමරුම් උත්සවයට සහභාගි වන බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

පසුගිය නායකයන්ගේ කාලයේ ඒ ගොල්ලො ගැන මට කිසිම ගෞරවයක් තිබුණේ නැහැ. ඒ ගොල්ලන්ගේ චර්යාව, ඒ අය රටට කරපු හානිය අනුව මං තීරණය කරලා තිබ්බා ඒගොල්ලො සංවිධානය කරන රණවිරු සැමරුම් උත්සව විතරක් නොවෙයි ඒ අය සංවිධානය කරන කිසිම උත්සවයකට සහභාගි නොවෙන්න. වර්තමාන ජනාධිපතිතුමා එක්ක මට දේශපාලන ගැටලු තිබුණට කලින් අය එක්ක තිබුණු විවේචනාත්මක කලකිරීම් වත්මන් නායකයත් එක්ක නැහැ. ඒ නිසා මේ පාර රණවිරු සැමරුම් උත්සවයට සහභාගි වෙන්න මම තීරණය කළා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මාව දේශපාලනයට ගෙනාවේ.

එතුමා හොරෙක් කියලා මං කවදාවත් විශ්වාස කළේ නැහැ. ඒත් දුර්වලකම් තිබෙන බව කිව යුතුයි. රනිල් හොරෙක් නොවෙයි. මට හෘද සාක්ෂියට අනුව රනිල්ට සැලියුට් ගහන්න පුළුවන්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment