ශ‍්‍රී ලංකා යුද හමුදාව නව වසරේ වැඩ අරඹයි

147

ශ‍්‍රී ලංකා යුද හමුදාව 2022 නව වසරේ වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (03දා) උදෑසන සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ජාතික ධජය සහ යුද හමුදා ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ යුද හමුදා ගීතය ගායනා කර රාජ්‍ය සේවක ප‍්‍රතිඥාව ලබාදී යුද හමුදාපති විසින් භට පිරිස් ආමන්ත‍්‍රණය කරන ලදී.

මෙහිදී පසුගිය වසර තුළ යුද හමුදාව ජාතියට සිදු කරන ලද සේවය සහ මෙම වසරේ සිදුකළ යුතු ජාතික මෙහෙවර පිළිබඳව යුද හමුදාපතිවරයා විසින් භට පිරිස් වෙත නව වසරේ වැඩ ආරම්භ කරමින් ප‍්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් කොවිඞ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති යටතේ සහභාගි වන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment