සැබෑ ආලෝකය වටහාදීම පූජක දිවියේ වගකීමයි

113

අද මුළු ලෝකයම නත්තලි වී ඇති බවත්, මේ දිනවල සියදිවි නසාගැනීම් වැඩිවී ඇති අතර, මිනිසුන් ආලෝකය සොයාගෙන යනුයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම තුළින් වන බවත්, ගබ්සා කිරීම්වලින් ද අප රට ඉදිරියෙන් සිටිති. පව්කාර ප්‍රදේශවල ජීවිත අන්ධකාරය තුළින් ආලෝකය කරා ගෙන ඒම අප සතු කාරියකි. ලෝකය තුළ ඇති අන්ධකාරය දුරු කරනුයේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයෙනි. එබැවින් මෙවැනි අඳුරේ ක්‍රියාවන් පියතුමෙකු වශයෙන් හොඳින් වටාගෙන, අන්ධකාරය සමග සටන් කරමින්, ආලෝකය ඇති කරමින් තම පූජක ගමන යා යුතුය. වත්මන් විවිධ අභියෝග හමුවේ පූජකතුමා යනු ජනතාවට නිසි මග පෙන්වන අයෙකු වන බව හලාවත පදවි අපෝස්තලික පරිපාලක අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණෝ ජේසු නිකායික පූජක පුතුන් දෙපළක් වෙත පූජකවරය ලබාදීමේ විශේෂ දේව මෙහෙයෙදී පැවසූහ.

සංගමන සභාවක් යනු දේව ජනතාව සමග එකට ගමන් කිරීමකි. එනම් ක්‍රිස්තුස් වහන්සේ සමග ගමන් කිරීමක් වන බවත්, එහි දර්ශනය ද අප වෙත කියා දෙන්නේ ද උන්වහන්සේම වන අතර සියල්ල අත්හැර ගමන් කිරීම මේ ලෝකයේ ඇති බැඳීම් හේතුවෙන් අපගේ ආත්මය අතහැරීමක් නොමැතිව පූජක දිවියක් නැත. දේව වචනය අනුව යෑම ප්‍රධාන වන අතර අතීතයේ විවිධ රටවල්වලින් පැමිණි ජේසු නිකායික පියවරුන් සිදුකළ සේවය ආදර්ශයට ගන්නා ලෙස රදගුරු හිමිපාණෝ වැඩිදුරටත් පැවසූහ.

නවක පූජකවරුන් ලෙස තලවිල ජනිත් ලක්මාල් පෙරේරා සහ රද්දොළුගම චාමික නිපුන් යන ජේසු නිකායික තේවාචාර්යවරුන් පූජක දිවියට ඇතුළත් විය. දේව මෙහෙය ඔප්පු කිරීම සඳහා රදගුරු හිමිපාණන් සමගින් ජේසු නිකායික ශ්‍රී ලංකා ප්‍රාදේශාධිපති සුජීව පතිරණ පියතුමා හා මිල්රෝයි ප්‍රනාන්දු යන පියතුමන්ලා එක්විය.

බෝලවලාන කානික්ක දේව මාතා දෙව් මැඳුරේ මීසම් සේවක ආනන්ද විතාරණ පියතුමාගේ දායකත්වයෙන් සංවිධානය කළ මේ අවස්ථාවට ජේසු නිකායික දෙව්සත්හලේ අදියුරු තුෂාර සම්පත් පියතුමා සමගින් ජේසු නිකායික පියතුමන්ලා විශාල පිරිසක් සහභාගි වූහ. එමෙන්ම නවක පියතුමන්ලාගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් හා හිත මිතුරන් ද සමගින් කිතුනු බැතිමතුන් පිරිසක් සහභාගි වූහ.

චින්තක ද මැල්
සේයා සටහන

advertistmentadvertistment
advertistmentadvertistment