එන්න වලාකුළු අතරට

318

සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්‍ෂ සුරංග හඳපාන්ගොඩගේ නවතම කෙටි චිත්‍රපටය වන වලාකුළු අතර කෙටි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාවේදී මාධ්‍යවේදීන්, සිනමා විචාරකයන් සහ තවත් සුවිශේෂී ආරාධිතයන් පිරිසක් වෙනුවෙන් පවත්වනු ලැබීය.

එන්න වලාකුළු අතරට

වලාකුළු අතර යනු සාම්ප්‍රදායික විවාහය සහ සමලිංගිකත්වය පිළිබඳ විවාදාත්මක මාතෘකාවක් තේමාව කොටගත් කෙටි චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය උමා අසෙනි, ගීත් අලහකෝන්, දුලන්ජ දිල්ශාන් සහ පුෂ්පා ගුණවර්ධනගෙනි.

එන්න වලාකුළු අතරට

කැමරා අධ්‍යක්‍ෂණය දිල්ෂාන් ලන්ත්‍රා, සංස්කරණය අජිත් රාමනායක, සංගීතය අජිත් කුමාරසිරි සහ නාමිනි පංචලා, කලා අධ්‍යක්‍ෂණය අජන්ත අලහකෝන්, වර්ණ සංයෝජනය දිනුදු ජාගොඩ, ශබ්ද සැලසුම සහ මිශ්‍රණය – සසික රුවන් මාරසිංහ, වේශ නිරුපණය – සුපුන් ස්ටේන්වෝල්, විශේෂ ප්‍රයෝග හින්දොල් හුමායුන්, රංග වස්ත්‍ර ගීතානි සෙනෙවිරත්න වන අතර මෙම කෙටි චිත්‍රපටය යුගන්ති යසෝදරාගේ නිෂ්පාදනයකි.

එන්න වලාකුළු අතරට

සුරංග හඳපාන්ගොඩ 2021 වසරේ AGENDA 14 කෙටි චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය වූ Peaking throughහි අධ්‍යක්‍ෂවරයා වන අතර සුරංග සහ යුගන්ති සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කළ මෙවර ටෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සම්මාන හිමි වූ විහඟ ප්‍රේමය චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment