කාගිල්ස් පදනමෙන් අඩු ආදායම්ලාභී ජනතාවට ප්‍රජා ආහාර වැඩසටහනක්

30

කාගිල්ස් පදනම සහ Lasallian Community Education Services (LCES) සහයෝගීතාවයෙන් පසුගියදා සිය ප්‍රජා ආහාර වැඩසටහන ආරම්භ කරන ලැබීය. සෑම සතියකම සඳුදා සිට සිකුරාදා දක්වා නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම අපගේ අරමුණයි. මේ සඳහා LCES පරිශ්‍රයේදී ආහාර පිළියෙල කරනු ලබයි.විශේෂයෙන්ම, පවතින ආර්ථික වාතාවරණය තුළ ආහාර මිල අධික වීම සහ දරුවන් මන්දපෝෂණයෙන් පෙළීම හේතුවෙන්, බොහෝමයක් නාගරික ජනතාව තම පවුල් පෝෂණය කිරීමේ දැඩි අසීරුතාවකට මුහුණදී සිටින මොහොතක, කාගිල්ස් සමූහය සිය සම්පත් ප්‍රයෝජනයට ගනිමින්, අවශ්‍යතා සහිත ප්‍රජාවන්ට උපකාර කිරීමට කැපවී කටයුතු කරමින් සිටිති.දෛනිකව දිවා ආහාර ඇසුරුම් 275 කින් ආරම්භ කළ අතර මේ වැඩපිළි‌වෙළ නුදුරු අනාගතයේදී දිනකට දිවා ආහාර ඇසුරුම් 1,000ක ප්‍රමාණයක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment