SLIIT ව්‍යාපාර පීඨය, 2022 තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර සමුළුව විශිෂ්ටතා ඇගයීම් සම්මාන රැසක් ප්‍රදානය කරමින් උත්කර්ෂවත්ව පවත්වයි

89

ඵලදායි ලෙස පර්යේෂණ පවත්වාගෙන යමින් හා දැනුම බෙදාහැරීමේ සිය මෙහෙවර සාර්ථකව ඉටු කරනු ලබන SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on Sustainable and Digital Business – ICSDB) පසුගියදා සාර්ථකව පවත්වනු ලැබීය.

මෙහිදී සුවිශේෂී දක්ෂතාවන් දැක්වූ පර්යේෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයන් සඳහා ICSDB විශිෂ්ටතා සම්මාන රැසක්ද ප්‍රදානය කරනු ලැබිණි.

‘Towards digital sustainability’ යන තේමාව යටතේ දෙදිනක් පුරා පැවති මෙම සමුළුවෙහි සමාරම්භක සම්මන්ත්‍රණය හරහා ලොව පුරා සිටින පර්යේෂකයන්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ සොයාගැනීම්, භාවිතයන්, සහ අභියෝග පිළිබඳව මත අදහස් සහභාගි වූ ප්‍රේක්ෂක පිරිස සමඟ හුවමාරු කර ගැනීමටද හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment