වසර නිම වීමට පෙර තවත් බිත්තර මිලියන 18ක් ඉන්දියාවෙන් ගෙන්වන්න අනුමැතිය

51

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ඉන්දීය ගොවිපොළ වෙතින් බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මේ අනුව 2023-12-31 දිනට පෙර තවත් බිත්තර මිලියන 18 ක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර මිලියන 155ක් දැනටමත් ආනයනය කර ඇත.

මේ වන විට දේශීය විවෘත වෙළෙඳ පොළේ බිත්තර සිල්ලර මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනටමත් නිර්දේශ කර ඇති ඉන්දියානු ගොවිපොළවලින් තවදුරටත් බිත්තර ආනයනය කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment