Flora Tissues” අසමසම ප්‍රමිතියේ සහ විශිෂ්ටත්වයේ 40 වැනි වසර සමරයි

35

ශ්‍රී ලංකාවේ සාඩම්බර නිෂ්පාදනයක් මෙන්ම මෙරට ජනප්‍රියතම ටිෂූ කඩදාසි සන්නාම නාමය වන Flora Tissues නිෂ්පාදනය කරන Pee Bee Management Services පුද්ගලික සමාගම, තම 40 වැනි සංවත්සරය පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට ඇති සැලසුම් ද ඊට සමගාමීව එළිදැක්වුණි.

සමාගමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මස 9 වැනිදා බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර, එහිදී සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයින් සහ සේවකයින් ද අගැයීමට ලක්කෙරුණි. මෙසේ අගැයීමට ලක්වූ බහුතරයක් 1983 වර්ෂයේදී සමාගම ආරම්භයේ පටන් දශකයක සිට දශක තුනක් දක්වා කාලයක් පුරා Flora Tissues වෙනුවෙන් කැපවී ක්‍රියාකළ අයවලුන් වීම කැපීපෙනුණි. ඔවුහු සියලුදෙනාම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අතින් විශේෂ අගැයීම් තිළිණ ලබාගන්නා ලදී.

ඉන්දියානු Orient Paper Mills හි නියෝජිතයින්වන දිබොජිත් සෙන්ගුප්තා සහ අපරින්ඩර් බට්රා යන මහත්වරු ද ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනයේ අධ්‍යක්ෂිකා (ලේඛන සහ තොරතුරු සේවා) ටී.එස්. සේනාරත්න මහත්මිය ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

වර්ෂ 1982 මුල් භාගය වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලික සනීපාරක්ෂක මට්ටම ඉහළ නැංවීම පිළිබඳ දැඩි අවශ්‍යතාවක් පැන නැඟී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1983 වසර මුලදීම මෘදු ටිෂූ කඩදාසි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට Pee Bee Management Services පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු පියවර ගත්හ. එම වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලාංකිකයින්ගේ පුද්ගලික සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෘදු ටිෂූ කඩදාසි වෙළෙඳපොළට සැපයීමට සමාගමට හැකිවිය. විශේෂයෙන්ම දේශීය පාරිභෝගිකයින් අතර මෙන්ම සංචාරකයින් සඳහා සේවා සපයන හෝටල් අතර ද Flora Tissues ජනප්‍රිය වන්නට මුල පිරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment