නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් ජපන් කාර්මික ප්‍රමිතීන් ද අභිබවා යන ‘Leader Group’

26

මෙරට කීර්තිමත් බැටරි නිෂ්පාදන සමාගමක් වන ‘ලීඩර් ගෲප්’ නවීන තාක්ෂණය සඳහා වන ආතර් සී. ක්ලාක් (ACCIMT) ආයතනය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද පළමු අධි තාක්ෂණික බැටරි ධාරිතා පරීක්ෂකය ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ලොව ප්‍රකට ACCIMT ආයතනය ශ්‍රී ලාංකික බැටරි නිෂ්පාදන සමාගමක් සඳහා මෙවැනි අති නවීන පරීක්ෂකයක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

නවෝත්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින පර්යේෂණ ආයතනයක් වන ACCIMT සහ ‘ලීඩර් ගෲප්’ එක්ව මෙම විප්ලවීය බැටරි ධාරිතා පරීක්ෂකය නිෂ්පාදනය කර ඇත. පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයෙන් යුතු බැටරි සැපයීම සඳහා ‘ලීඩර් ගෲප්’ හි කැපවීම යළි තහවුරු කරමින් මෙම විප්ලවීය සොයාගැනීම සමඟ විවිධ තීරණාත්මක පරාමිතීන් තුළ ජපන් කාර්මික ප්‍රමිතීන් (JIS) සපුරාලීමට පමණක් නොව ඒවා අභිබවා යාමට ද ‘ලීඩර් ගෲප්‘ අවස්ථාව සලසා දී ඇත. ජපන් කාර්මික ප්‍රමිතීන් හා සැසඳීමේ දී ලීඩර් බැටරිවලට අදාළ පරීක්ෂණ ප්‍රතිඵල විශිෂ්ටත්වය සඳහා වූ සමාගමේ නොසැලෙන කැපවීම මනාව පිළිබිඹු කරයි:

  1. Cold Cranking Amperes : සුවිශේෂී Cold Cranking Amperes CCA) තුළින් ජපන් කාර්මික ප්‍රමිතීන් ඉක්මවා කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට ලීඩර් බැටරි සමත්ව ඇත. ශීත තත්ත්වයන්හිදී එන්ජිමක් පණගැන්වීමට බැටරියකට ඇති හැකියාව මැනීමට Cold Cranking Amperes භාවිතා කරන අතර, ලීඩර් බැටරි ආන්තික තත්ත්වයේ දී ඒවායේ ශක්තිමත් බව තහවුරු කර ඇත.
  2. සංචිත ධාරිතාව/ Reserve Capacity (RC): ප්‍රමිතීන් අභිබවා යන සංචිත ධාරිතාවක් සහිත ලීඩර් බැටරි සෑම විටම දිගු ක්‍රියාකාරිත්වයක් සහතික කරයි. බැටරි සම්බන්ධ තීරණාත්මක සාධකයක් වන සංචිත ධාරිතාව ලීඩර් බැටරිවල ඉතා ඉහළ මට්ටමක පවතී.
  3. ආයුකාලය පරීක්ෂාව/ Lifecycle Test :දරාගැනීමේ හැකියාව සහ විශ්වසනීයත්වය පෙන්නුම් කරමින් ඇම්පියර් පැය ගණන ඉහළ නංවන ලීඩර් බැටරි ජපන් කාර්මික ප්‍රමිතීන් අභිබවා යයි. ඒ හරහා ලීඩර් බැටරි දිගු ආයුකාලය සහ විශ්වසනීය බව තහවුරු කරයි.

‘ලීඩර් ගෲප්’ සභාපති, ආචාර්ය ශ්‍රියන්ත කුරේ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් පැවසුවේ: ” හෙට දවසේ තාක්ෂණය සමඟ ලෝකය බලගැන්වීම අපේ දැක්මයි. අපි යෙදිලා ඉන්නේ අනාගතය සඳහා වන බැටරි නිෂ්පාදනය කිරීමේ මෙහෙවරක.”“ආචාර්ය පනාවැන්නගේ දූරදර්ශී නායකත්වය යටතේ ACCIMT ආයතනය සමඟ ඇති කරගත් මේ හවුල්කාරීත්වය ශ්‍රී ලංකාව අධි තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා වන ගමනේ එක් පියවරක්. මෙම විශිෂ්ට පරීක්ෂණ උපකරණය සමඟ සම්බන්ධ වන අපගේ බැටරිවල ඇති ‘SilverCell’ තාක්‍ෂණය ලීඩර් බැටරි ජපන් කාර්මික ප්‍රමිතීන් ඉක්මවා යන බව විශ්වාසයෙන් පැවසීමට අපට ඉඩ සලසනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment