පෑන් ඒෂියා බැංකුව මාස්ටර් කාඩ් සමඟ එක් වෙමින් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දෙයි

106
පෑන් ඒෂියා බැංකුවේ සභාපති අරවින්ද පෙරේරා මහතා, පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ මහතා, මාස්ටර් කාඩ් ආයතනයේ මෙරට කළමනාකාර සඳුන් හපුගොඩ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ධර්මශ්‍රී කුමාරතුංග මහතා, පෑන් ඒෂියා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ණය) ශියන් පෙරේරා මහතා සහ මෙම අවස්ථාවට සහභාගි වූ පෑන් ඒෂියා බැංකුවේ හා මාස්ටර් කාඩ් ආයතනයේ අනෙකුත් නිලධාරීහු ඡායාරූපයේ වෙති.

‘සැබවින්ම ශ්‍රී ලාංකේය බැංකුව‘ ලෙස විරුදාවලි ලත් පෑන් ඒෂියා බැංකුව, ගෝලීය වශයෙන් කීර්තිමත් මාස්ටර් කාඩ් සමාගම සමඟ එක් වී මෙරට ප්‍රගමනය වෙනුවෙන් කැප වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘සම්මාන‘ නමින් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී.

මෙම ක්‍රෙඩිට් කාඩ් පත මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ආයතනවලින් භාණ්ඩ මිලදී ගන්නා විට විවිධ ප්‍රවර්ධන වැඩසටහන් හරහා ආකර්ෂණීය වට්ටම් ලබා දීම විශේෂිතය.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මූල්‍ය වශයෙන් බල ගැන්වීම වෙනුවෙන් පෑන් ඒෂියා බැංකුව හඳුන්වාදී ඇති මෙම ‘සම්මාන‘ ක්‍රෙඩිට් කාඩ් පත, මෙරට මූල්‍ය ආයතනයක් විසින් මෙවැනි සේවාවක් ලබා දෙනු ලබන ප්‍රථම අවස්ථාව වීමද විශේෂිතය. මෙම සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ් පත එළිදැක්වීමේ උත්සවයට පෑන් ඒෂියා බැංකුවේ සභාපති අරවින්ද පෙරේරා, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ, මාස්ටර් කාඩ් ශ්‍රී ලංකා ආයතනයේ මෙරට සහ මාලදිවයිනේ කළමනාකරු සඳුන් හපුගොඩ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ධර්මශ්‍රී කුමාරතුංග යන මහත්වරු ඇතුළු ඒෂියා බැංකුවේ හා මාස්ටර් කාඩ් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ රැසක් මෙන් ම තෝරා ගත් විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ කිහිප දෙනෙක් ද සහභාගි වූහ.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙනුවෙන් හඳුන්වා දුන් මෙම නව ක්‍රෙඩිට් කාඩ් පත මඟින් භාණ්ඩ මිලදී ගැනීමේ දී ප්‍රතිලාභ ලබා දීමට අමතරව ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාල වකවානුවල දී ඔවුන් මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීමට පෑන් ඒෂියා බැංකුව අරමුණු කරයි. මීට දශකයකට පමණ පෙර මෙරට ප්‍රථම වරට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම සඳහා ‘සම්මාන‘ නමින් විශ්‍රාමික ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පෑන් ඒෂියා බැංකුව කටයුතු කළ අතර, එ මඟින් විශ්‍රාමිකයින්ට සිය මූල්‍ය අවශ්‍යතා සඳහා ඇපකරුවන් නොමැතිව ණය ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම කැපී පෙනෙන සේවාවක් ලෙස හැඳින්විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment