විශේෂඥ වෛද්‍ය විශ්‍රාම වයස 63ට

227

සෞඛ්‍ය ලේකම්ගේ තීරණය නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කොට ඇතැයි නීතිපතිවරයා ඊයේ (27 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලබා ගැනීමට නියමිත බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම එකඟතාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශ්වයට ලබාදීම සඳහා එම නඩුව අද (28 දා) යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එන්. කේ. ආර්. මරික්කාර් යන මහත්වරු නියෝග කළහ.

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛiවරු 176 දෙනකු විසින් එම නඩුව ගොනුකර තිබුණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment