වීසා නැතිව කච්චතිව් මංගල්‍යයට එන්න තමිල්නාඩු බැතිමතුන්ට අවසර

147

ලබන 03 – 04 දිනවල පැවැත්වෙන යාපනයේ කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යය සඳහා තමිල්නාඩු කිතුනු බැතිමතුන්ට වීසා නොමැතිව සහභාගිවීමට අවස්ථාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයිනට ඊයේ (27 දා) පැවසීය.

මෙම මංගල්‍යයට ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගිවීමට නියමිත අතර එම අවස්ථාවට සහභාගිවීමට පැමිණෙන යාත්‍රාවලට ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් දැඩි ආරක්‍ෂාවක් ලබාදෙයි.

කච්චතිව් දෙව් මැඳුරේ දේව මෙහෙයන් තමිල්නාඩු සහ යාපනයේ රදගුරුවරුන් ප්‍රමුඛ පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment