සතොස නඩුවේ ජොන්ස්ටන්ගේ මූලික විරෝධතා ඉවතට – පූර්ව නඩු විභාගය මැයි 10

98

අභ්‍යන්තර වෙළෙඳ කටයුතු හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යෙදවීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මැයි 10 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළේය.

එකී චෝදනා යටතේ සිය සේවාදායකයන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කිරීමෙන් පසුව නැවත මහාධිකරණය හමුවේ පවරා ඇති බැවින් කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය හැකියාවක් නොමැති බවත් පෙන්වා දෙමින් විත්තිය එම මූලික විරෝධතාවය ගොනුකර තිබිණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කාජා මොහිදීන් සාකීර් යන දෙදෙනා එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment