බලුකිස්තාන් ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක බෝම්බයට 6දෙනෙක් මරුට

112

13 ක් තුවාල ලබති

පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළෙද සංකීර්ණයක සිදුවූ බෝම්බ පිපිරීමකින් 6 ක් මියගොස් 13 කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා ඇත. මෙම බෝම්බය

යතුරුපැදියක අටවා දුරස්ථ පාලකයකින් පුපුරුවා තිබේ.

බලුකිස්තානයේ රාජ්කොට් ප්‍රදේශයේ පිහිටි මෙම වෙළෙද සංකීර්ණය වෙත ඇෆ්ගනිස්තාන දේශසීමාවේ සිට ද වෙළෙඳුන් පැමිණෙන බව හෙළිවී ඇත. මෙය බෙදුම්වාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාවක් බව පාකිස්තාන් රජය කියා සිටී. බලුකිස්තාන් ප්‍රාන්තයේ මෙයට පෙර ද බෝම්බ පිපිරීම් සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment