තරුණියක දූෂණය කළ සැකකාර කපුවා අතුරුගිරිය පොලිස් කූඩුව ඇතුළේ ගෙල වැලලා ගනී

1279

රෝග සුවකරන්නම් කියා ගෙදර නවතා ගෙන

රෝග සුවකිරීමේ මුවාවෙන් නිවසේ නතර කරගත් 19 හැවිරිදි තරුණියක දූෂණය කළ බව කියන චෝදනාවක් මත අත්අඩංගුවට ගත් කපුවෙකු අතුරුගිරිය පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටිය දී එහි ඇතුළේ ගෙල වැලලා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ හෝමාගම, පනාගොඩ, රොමියෙල් මාවතේ පදිංචිව සිටි රණසිංහ ආරච්චිගේ ලලිත් සූරිය කුමාර නමැති 54 හැවිරිදි දෙදරු පියෙකි.

තරුණියකට විටින්විට සෑදෙන රෝගයක් සුවකර ගැනීම සඳහා පනාගොඩ රොමියෙල් මාවතේ වෙදකම් කරන කපු මහතකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇත. අවස්ථා කීපයක දී එලෙස ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත්ත ද ඉන් සුව නොවීම නිසා කපු මහතා පවසා ඇත්තේ තරුණිය නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කළ යුතු බවය.

ඒ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිට තරුණිය කපුමහතාගේ නිවසේ නතර කොට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

මේ අතරතුර දී 28 වැනිදා දහවල් දෙමගොඩ ප්‍රදේශයේ වෛi මධ්‍යස්ථානයකින් තරුණියගේ දුරකථනයෙන් ඇයගේ මවට ඇමතුමක් දී දන්වා ඇත්තේ කිසියම් පුද්ගලයකු තරුණිය ගැබ්ගෙන ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා වෛi මධ්‍යස්ථානයට පැමිණ ඇති බවත්, ඔහුගේ හැසිරීම සැක සහිත බවත්ය.

ඒ අනුව තරුණියගේ මව ක්‍ෂණිකව අතුරුගිරිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා ජස්මින් මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග දෙමටගොඩ වෛi මධ්‍යස්ථානය වෙත ගොස් සැකකරු කොටුකරගෙන තිබේ.

පසුව සැකකරු හා තරුණිය අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන විත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉන් පසු සැකකරු පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටිය දී කළු පැහැති නූලක ආධාරයෙන් ගෙල වැලලා ගෙන ඇති බවත්, පසුව මේ බව දුටු පොලිස් නිලධාරීන් ඔහු 1990 සුවසැරිය ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.

එහිදී වෛiවරුන් රෝගියා පරීක්‍ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවය. ඔහු සිරමැදිරියේ රඳවා සිටිය දී තවත් සැකකරුවන් දෙදෙනකු එහි සිට ඇත.

දූෂණයට ලක්වූ බවකියන තරුණිය මේ වනවිට වෛi පරීක්‍ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම ට සිටි සිසුවියක බවද පැවසේ.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා ජස්මින් මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment