උසාවි වාරණ ඇතත් සෞඛ්‍ය වර්ජන දිගටම – වාරණ නියෝගය අපට ලැබුණේ නෑ

224

වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද ඊයේ (11 දා) පස්වන දිනටත් එම වෘත්තීය සමිති වැඩ වර්ජනයේ නිරත විය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා සඳහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදුන් වාරණ නියෝගය ඊයේ (11 දා) දහවල් වනතෙක් නොලැබුණු බවත් එය ලැබුණු වහාම විධායක කමිටුව රැස්වී ඉදිරියේදී ගනු ලබන කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බවත්ය.

සෞඛ්‍ය සේවාවේ පරිපූරක වෛi, හෙද සේවාව, අතුරු වෛi සේවා ඇතුළු වෘත්තීන් 16 ක සාමාජිකයන් වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය නිසා රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බව රෝහල්වලින් වාර්තා විය.

මෙම වැඩ වර්ජනය ළමා, මාතෘ, පිළිකා, වකුගඩු ඇතුළු රෝහල් කිහිපයක කි‍්‍රයාත්මක නොවේ.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment