අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට යන්න එපා……… රජය ජනතාවගෙන් ඉල්ලයි – ඩෙල්ටා පැතිරීම වේගයෙන්

375

* ගොදුරු නොවීමට රජයෙන් උපදෙස් මාලාවක්

 * දරුවන් 45,000 කට කොරෝනා වැළඳිලා

 සමන් ගමගේ

 ඉදිරි දෙසතිය තුළ රටේ තත්ත්වය ඉතාමත් තීරණාත්මක විය හැකි බැවින් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් බැහැර නොවී සෞඛ්‍ය උපදෙස් අනුව ප‍්‍රවේශමෙන් කටයුතු කරන ලෙස රජය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටී.

 රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය වේගයෙන් පැතිරෙමින් තිබෙන බැවින් සෑම පුද්ගලයකුම ඊට ගොදුරු වීමේ අවදානමක් රට තුළ පවතින බවකි.

 ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය වැළඳුණු අයගෙන් 1.5%ක් මරණයට පත්වන අතර වැඩි පිරිසකට දැඩිසත්කාර ඒකකවල ප‍්‍රතිකාර ගැනීමට සිදුවන බව සඳහන් කරන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, එයට ගොදුරු නොවී සිටීමට අවශ්‍ය උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත.

 එම උපදෙස් අතර මුලින්ම සඳහන්ව ඇත්තේ ලොව පුරා වැඩි පිරිසක් කොරෝනා වෛරසයෙන් ජීවිත බේරාගෙන ඇත්තේ ඊට එරෙහි එන්නත් ලබා ගැනීමෙන් බැවින් පළමුව හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසය.

 අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට නිවසින් පිටතට නොයන ලෙසත් සෙන`ග ගැවසෙන මංගල, අවමංගල සහ වෙනත් උත්සවවලට සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසත් එම නිවේදනය මගින් දන්වා සිටින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොදු ස්ථානයකට යන විට අනිවාර්යයෙන්ම මුව ආවරණයක් පළඳින ලෙසද කියා සිටියි.

 එසේම අනෙකුත් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින ලෙස ද ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 විටින් විට සබන් යොදා දෙඅත් සේදීම, කාමර, ශාලා, විදුලිසෝපාන සහ වාහන වැනි ආවරණය කළ ස්ථානවල සෙනඟ සමග නොගැවසී, මීටර දෙකක දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී සොඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින ලෙද රජය දැනුම් දී සිටී.

 එසේම නිධන්ගත රෝග පවතී නම් රැුකියාවට මිස නිකරුණේ නිවසින් පිටතට නොයන ලෙසද ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

 තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ ජීවිත රැුක ගැනීම අන්‍යයන්ට භාර නොදී සියලූ පුරවැසියන් සිය වගකීම ඉටුකර තමනුත් පවුලේ සමීපතමයනුත් ආරක්ෂා කරගන්නා ලෙස සියලූ රට වැසියන්ගෙන් රජය ඉල්ලා සිටී.

 පවතින වසංගත තත්ත්වය තුළ ගෙවී ගිය සතියේ පමණක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ පුද්ගලයන් 576 දෙනකු මරණයට පත්ව ඇති අතර ඉන් පුද්ගලයන් 453 දෙනකුම වයස අවුරුදු 60 ඉක්මවූවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එසේම වයස අවුරුදු 32ත් 59ත් අතර පුද්ගලයන් 132 දෙනකුද මරණයට පත්ව ඇත.

 ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය රට තුළ පැතිර යෑම ආරම්භ වීමත් සමඟ ඔක්සිජන් ලබා දිය යුතු සහ රෝහල් ප‍්‍රතිකාර අත්‍යවශ්‍ය ආසාදිතයන් විශාල ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් ගැටලූ රැුසකට මුහුණ දීමටද සෞඛ්‍ය අංශවලට සිදු විය. ආසාදිතයන් ප‍්‍රමාණය වැඩිවීමත් සමග රෝහල් ධාරිතාව ඉක්මවා යෑම සහ සෞඛ්‍ය අංශ සේවකයන් රැුසක් ද කොරෝනා වෛරසයට ගොදුරු වීම මෙන්ම සිදුවන මරණ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම ඒ අතර ප‍්‍රධාන තැනක තිබිණි.

 මෙසේ මරණ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ඊයේ වන විට රට පුරා රෝහල් කිහිපයක මෘත ශරීරාගාර වලද දැඩි තදබදයක් ඇති විය. උතුරු කොළඹ රාගම රෝහල, දකුණු කොළඹ කළුබෝවිල මහ රෝහල සහ පානදුර රෝහල යන රෝහල්වල මෙම තත්ත්වය වැඩිවශයෙන් දක්නට ලැබිණි.

 මේ අන්දමට රාගම රෝහලේ ගොඩ ගැසී තිබූ මළ සිරුරු 26 ක් පිළිබඳ අවසන් කටයුතු වත්තල, බියගම, ජාඇළ, කටාන සහ මීගමුව යන ප‍්‍රදේශයන්හි පිහිටි ආදාහනාගාරවලදී සිදු කිරීමට රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතාගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡුාවකින් පසුව තීරණය විය.

 මේ අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගෙන් 45,000 ක් කුඩා දරුවන් බව ඊයේ වන විට අනාවරණය විය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහා කළේ එසේ කොරෝනා ආසාදනය වූ ළමුන් අතරින් දරුවන් දාහතර දෙනකු මේ වෙන විට මරණයට පත්ව ඇති බවය. මෙසේ වෛරසය ආසාදනය වූ ළමුන් අතරින් 20000 ක් වයස අවුරුදු 10 ට අඩු දරුවන් බවද අනාවරණය වී ඇත.

 ශීඝ‍්‍ර කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආසාදිත දරුවන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් මේ වන විට රට පුරා සියලූ රෝහල්වල ළමා වාට්ටුවල ධාරිතාව ඉක්මවා යමින් පවතින බව ද සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment