වගා හානි වලක්වා ගන්න පරිසර සංවිධාන දුන් උපදෙස් පාර්ලිමේන්තුවේදී හෙළිවේ

124


රිලවුන්ගෙන් සිදුවන වගා හානි වලක්වාගැනීමට මෙරට පරිසර සංවිධාන කිහිපයක් ලබාදුන් උපදෙස් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.එම උපදෙස් අතර අක්කර දෙකක් වගා කරන්නේ නම් රිලවුන් ඇතුළු වගා හානි කරන සතුන්ට ආහාර ගැනීම සඳහා අක්කර භාගයක් වෙන් කිරීම,ගස්වල තහඩු සවිකිරීම,පොල් ගස් ඉටි කොළ වලින් ආවරණය කිරීම සහ ගස් වල සාරි එල්ලීම තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් වගා හානි කරන සතුන් තමුනට වෙන්කර ඇති භූමි ප්‍රමාණය නොදන්නා බවත් කීවේය.සමගි ජන බල පක්ෂ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment