දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කරයි

105


දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති නිසා දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම්දී සිටී.

ඒ අනුව අදට රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල් 12ට පෙර සේවයට වාර්තා කළ යුතු බව ද ඒ මහතා දන්වා ඇත. එසේම නියමිත ස්ථාන වලට වාර්තා කිරීමට අපහසු නිලධාරීන් ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙසද ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment