Life Without Green අද සිට

108

සම්මානනීය පරිගණක ආශ්‍රිත සජීවීකරණ ශිල්පී සංජය ගුණරත්නගේ පළමු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය Life Without Green අද සිට 26 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ. නූතන භාවාත්මක හා වියුක්ත ආදී විවිධ චිත්‍ර කලා නිර්මාණ රැසක් මීට ඇතුළත්ය. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් කලා අධ්‍යක්‍ෂවරයෙක් ආදී විවිධ දස්කම් පෙන්වන සංජය මෙරට ප්‍රථම සිංහල කාටුන් ඩී. වී. ඩී තැටිය ලෙස සැලකෙන සීයාගේ කතා සඳහා ද දායක වූවෙකි. රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම සජීවී කරණ කලාකරුවාට හිමි සම්මානය දිනු සංජය ජාතික රූපවාහිනියේ ද්විමාන සජීවීකරණ සහ ග්‍රැෆික් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි.

Life Without Green අද සිට

advertistmentadvertistment
advertistmentadvertistment