නිදාගෙන නැගිටිනකොට වැඩේ පත්තුවෙලා

278

ලෙබනන් ටෙලිවිෂන්වලත් නිවුස් එක ගියා
ඊශ්‍රායල් සිද්ධිය ගැන ලංකාවට ඇවිත් රයිනි කියපු කතාව

ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම එක්ක ඊශ්‍රායලයේ ප්‍රසංගයකට සහභාගි වුණු රයිනි චාරුකාට පසුගිය සතියේ පුංචි කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක එතරම් දෙයක් නොවුණට” සමාජ මාධ්‍යවල හරි හරියට ෂෙයාර් වෙන්න පටන් ගත්තා. පුංචි වෙලාවකින් ප්‍රශ්නය ලිහාගෙන සින්දුත් කියලා ගෙදරට මැසේජ් එකකුත් දාල නිදාගෙන නැගිටිනකොට රයිනි මුහුණ දුන්නේ මාර අත්දැකීමකට. මේ තියෙන්නෙ ඒ කතාව.

“මේ ප්‍රසංගය පැවැත්වුණේ ඊශ්‍රායලයේ ටෙලවිව්වල.

ප්‍රසංගය සංවිධානය කරන්නේ ලංකාවේ අය වුණත් වේදිකා නිර්මාණය වගේම වීඩියෝ වෝල් නිර්මාණය කරන්නේ ඊශ්‍රායලයේ අය. මොකක් හරි හේතුවකට LED WALL එක හරියට සම්බන්ධ වෙලා තිබුණෙ නැහැ.”

නිදාගෙන නැගිටිනකොට වැඩේ පත්තුවෙලා

● ඔබ බිමට වැටෙන LED WALL එක අල්ලනවා?

මේ ප්‍රසංගය ආරම්භ කරල පැය 2 1/2 ක් වෙනවා. මම දෙවැනි සින්දුව කියනකොටයි LED WALL එක වැටෙන්නේ. මට මොකුත් අදහසක් තිබුණේ නැහැ. මම මුලින්ම දැක්කෙ ගිටාරිස්ට් කලන්තෙ දාල සිහිනැතිවෙලා වැටෙනවා. මම දන්නෙ නැහැ ඒක කොහොම වුණා ද කියලා. නමුත් මට LED WALL එක ඇල්ලෙනවා. ඊට පස්සෙ LED WALL එක අල්ලගෙනම හිටියා. මොකද පිටිපස්සෙ කවුරු හරි යටවෙලාද දන්නෙ නැහැ කියලා.

● ඇත්තටම බය වුණේ නැතිද?

බය වුණා. ඒක හරි තිගැස්මක්. ඒ වෙලාවේ ආපු අදහස මේ දැන් මට කියන්න තේරෙන්නෙ නැහැ. ඇත්තටම මම බය වුණේ කාටහරි අනතුරක් වෙලා ඇති කියලයි.

පස්සෙ තමයි මට තේරුණේ ස්ටේජ් එක කඩාගෙන වැටිල කියලා. වේදිකාව පිටිපස්සෙ තව ගායක ගායිකාවො වගේම සෙනඟ රැස්වෙලා හිටියා. ඒ වෙලාවෙ එක එක දේවල් ඇඟේ ඇවිල්ලා වැදුණා.

නිදාගෙන නැගිටිනකොට වැඩේ පත්තුවෙලා

රොෂාන් ප්‍රනාන්දු කියනවා” රයිනි කියන්නේ යකඩ කෙල්ලෙක් කියලත්?

මම දන්නෙ නැහැ. ඒ වෙලාවෙ මගේ මයින්ඩ් එකයි” බොඩි එකයි රියැක්ට් කරපු විදිහ. මම හිතන්නෙ මම පුංචි කාලෙත් ඒ වගේ අත්දැකීම් වලට මුහුණදීලා තියෙනවානේ.

ඒ මොනවාද?

2001 වසරෙදී අම්මගේ” තාත්තාගේ කොණ්ඩෙ කපනවා. 2004 දී අපේ ගෙදරට ගිනි තියනවා. ඉතිං මම අවුරුදු 9 ඉඳලා ඒ දේවල්වලට මුහුණ දීලනේ ඉන්නේ.

නිදාගෙන නැගිටිනකොට වැඩේ පත්තුවෙලා

ඒ සිද්ධි එක්ක බලනකොට මේවා හරි සරල සිද්ධි?

මේක සරල වුණේ කාටවත් ලොකු අනතුරක් වුණේ නැති හින්දා. මම හිතන්නෙ” ඒ දේවල් එක්ක මම ශක්තිමත් වෙලාදා කියන්න මම දන්නෙ නැහැ. මම දේවල් වලින් හැංගෙන කෙනෙක් නෙමෙයි. දුවල පැනල ඒ වෙලාවට කරන්න ඕනෑ මොනවද කියල හොයල බලල කරන චරිතයක්.

ඒ වෙලාවෙ ගායනා කළේ මොන ගීතය ද?

නීල කඳුගැටේ ගීතය තමයි ගායනා කර කර හිටියේ.

ප්‍රසංගය දිගටම පැවැත්වූව ද?

LED WALL එක ගලවනකම් විවේකයක් අරගෙන ආපහු මම වේදිකාවට නැඟලා” නීල කැඳුගැටේ කියන ගීතයෙන් ප්‍රසංගය ආරම්භ කළා.

ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම එක්කම ලංකාවට ආව ද?

ඔව්. බෑන්ඩ් එකත් එක්කම 24 වැනිදා දහවල් ලංකාවට එන්න පිටත් වුණා.

ලංකාවෙ ප්‍රසංගවලට ආරාධනා තියෙනවාද?

ලංකාවට වැඩිය ගිය නොවැම්බර් මාසයෙ ඉඳලා හැම මාසයකම මම පිටරටක ඉඳල තියෙන්නේ. ඒ අතරතුර ලංකාවෙ තිබෙන ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. මම ගොඩක් බිසි වුණ අවුරුද්දක් මේක. මම ආසම දේ තමයි ට්‍රැවල් කරන එක. හොඳම අවුරුද්දක් මේක.

● අලුත් ගීතයක් කළේ නැතිද?

අලුත් ගීතයක් කළා. හෙට අනිද්දම ඒ ගීතය එළිදක්වනවා. අන්තිමට මම කළේ ‘කළුවරට හිත බය හින්දා. කියන ගීතය.

● මේක යුග ගීතයක්ද?

නැහැ. ඒක තනි ගීතයක්. මම ඒ වර්ගයේ ගීත ගායනා කරල නැහැ. මේකෙ මාතෘකාව ගොඩක් අලුත්.

● මේ ගීතයේ පද රචනය?

මනුරංග විජේසේකර. මනුරංගගේ ෆැමිලි එක මට ගොඩක් හිතවත්. ඉතිං ඒගොල්ලො අතින් හොඳ නිර්මාණයක් ලියැවුණොත් මට කතා කරනවා. ඉතිං ඒ වගේ සම්බන්ධ වුණු ගීතයක් මේක.

● එදා අනතුර ගැන අම්ම” තාත්ත බය වුණාද?

මම ප්‍රසංගය ඉවරවෙලා ඇවිල්ල නිදාගෙන නැඟිටිනකොට මේකෙ ආරංචිය කොහෙන් හරි ගිහිල්ලා. මට අවුලක් නැහැ කියලා ඒගොල්ලො දැනගන්න එපායැ. පාන්දර 4.00 ට විතර රූම් එකට ආවේ. එනකොට මම අම්මට මැසේජ් එකක් දාල තිබ්බා ෂෝ එක ඉවරවෙලා පරිස්සමින් රූම් එකට ආව කියලා. එච්චරයි දැම්මේ. ඊට පස්සෙ නිදාගත්තා.

● නිදාගෙන නැඟිටිනකොට මොකද වෙලා තියෙන්නේ?

හිතුව වගේම මුළු ලංකාවම මේ සිද්ධිය දන්නවා. ගොඩක් වීඩියෝ ෂෙයාර් වෙලා. මම ඒත් කල්පනා කළා” මේ පැය තුන හතරට මේ නිවුස් එක කොච්චර දුර ගිහිල්ලද කියලත්. ලෙබනන් ටෙලිවිෂන් නිවුස් වලත් මේක ප්‍රචාරය වෙලා තිබුණා. දුරකථන ඇමතුම් ගලාගෙන ආවා. මැසේජ් ගලාගෙන ආවා. ආපු මැසේජ් අදටත් බලල ඉවර කරගන්න බැහැ. මේ සිද්ධිය මෙච්චර දුරදිග යයි කියලා වගේම මෙච්චර ඉක්මනට මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙයි කියල මම හිතුවෙ නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment