පාර දෙපස අවදානම් ගස් ගැන අධ්‍යයනයක් ප්‍රමිතගෙන් උපදෙස්

81

දිවයින පුරා ප්‍රධාන මාර්ග දෙපස ඇති අවදානම් සහිත විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඉකුත් 06 වැනිදා පෙරවරුවේ කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රතිචාර දක්වමින් කඩිනම් ආපදා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත්, කඩා වැටීමේ අවදානමක් ඇති මාර්ග දෙපස ගස් ඉවත් කරන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙසත් ඒ සඳහා පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් උපදෙස් ලබාදී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment