මත්ද්‍රව්‍ය කිලෝ 3000 ක් විනාශ කරන්න විධිමත් ක්‍රමයක් හදනවා

99

ඇමැති විජයදාස රාජපක්‍ෂ

රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000 ක් දහනය කර විනාශ කිරීමට විධිමත් නීත්‍යනුකූල ක්‍රියා මාර්ගයක් සකස්කරන බව අධිකරණ බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (23 දා) පැවසීය.

ඒ අනුව මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 ක් එකවර විනාශ කිරීමේ හැකියාව පවතින යන්ත්‍රයක් සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් එසේ දහනය කිරීමට අයිස් හා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 3000 ක් පමණ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පවතින බවත් ඇමැතිවරයා පැවසීය.

අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා ඊයේ (23 දා) මෙම කරුණු පැවසීය.

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තු කටයුතු පිළිබඳව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එමෙන්ම රජයේ රස පරීක්‍ෂක වාර්තා වහා දීමේ වේගය සියටට සියයක් දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවසීය.

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කිරීමටත් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් නිවාස අඩස්සියේ සිට පුනරුත්ථාපනයට නව ක්‍රමවේදයක් සකස් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

රජයේ අතිරේක රස පරීක්‍ෂක සමන්තා විමලසේන, සැකකටයුතු ලේඛන පිළිබඳ රජයේ පරීක්‍ෂක ජේ. එච්. ආර්. ජයසුන්දර, නියෝජ්‍ය රස පරීක්‍ෂක, පී. ජී. මඩවල යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශිරාන් රණසිංහ සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment