ව්‍යාජ ලේඛන සැකසූ කෝටියක් වටිනා මොන්ටේරෝ රථය අත්අඩංගුවට

608

ව්‍යාජ ලේඛන සැකසූ රු. කෝටියක් පමණ වටිනා මොන්ටේරෝ වර්ගයේ සුපිරි ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හලාවතදී අත්අඩංගුවට ගෙන ඇත.

හලාවත, බැරවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ළඟ තිබියදී මෙම මොන්ටේරෝ ජීප් රථය මීට පෙර ලියාපදිංචි කළ රථයක් බවට හඳුනාගෙන ඇත. අමතර කොටස් එකතු කර එකලස් කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කර රු. ලක්ෂ 90 කට විකුණා ඇති බව මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇත.

බැරවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ගම්පහ ප්‍රදේශයේ ජාවාරම්කරුවකුගෙන් වාහනය මිලදී ගෙන ඇත. ඔහු මීට පෙර මෙවැනි වැටලීමකදී රු. ලක්ෂ 10 අල්ලස් දීමට යෑමේදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයකු බව පවසයි. ඔහු සූක්ෂම ලෙස දත්ත වෙනස් කර වාහන අලෙවි කරන පුද්ගලයකු බැවින් අධිකරණයට කරුණු වාර්තාකර ඔහුගේ දුරකථන දත්ත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත හා රේගු දත්ත පරීක්ෂා කර නීතිමය කටයුතු කරන බව පැවසීය. අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර, ස්ථානාධිපති පො. ප. ඉන්දික වීරසිංහ, ප්‍ර. පො. ප.මහේන්ද්‍ර පෙරේරා, උ.පො.ප. බණ්ඩාරනායක, පො. සැ. 428 ජයලාල්, පො. කො. 77090 බාලසූරිය, පො. කො. 84889 උදේකුමාර, පො. කො. 92905 අමිල, පො. කො. 93728 ජයසිංහ, පො.කො 91287 සංජීව, පො.කො. 94009 සියන්ත, පො.කො. 26823 පෙරේරා, පො.කො. 104643 සේනාරත්න, පො.කො.රි. 11919 අජිත් යන නිලධාරීන් පිරිස මෙම වැටලීම සිදු කළහ.

එල්. පී. ඩී. බන්දුරත්න – මීටියාගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment