හත්වැනි තට්ටුවකින් පැන පුද්ගලයෙක් මියයයි

425

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 7 වෙනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු මිය ගොස් තිබේ.බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ 87 හැවිරිදි කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඇති වු සිත් වේදනාවක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment