මන්ත්‍රී අබ්දුල් රහීම්ගේ විනය පරීක්‍ෂණයට අතුරු තහනම් නියෝගයෙන් බාධාවක් නෑ – කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන

107

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් රහිම් අලිසබ්‍රි මහතා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැර ඔහු දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්කිරීමට පියවර ගැනීමේ පෙත්සම් විභාගය අවසන් වනතුරු වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (07 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඔහු පක්ෂයෙන් නෙරපීම නීත්‍යානුකූල නොමැති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දුන් ප්‍රධාන දිසා විනිසුරුවරයා කෙසේ නමුත් ඔහුට එරෙහිව සාධාරණ විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට තම අධිකරණයේ නියෝගය බාධාවක් නොවන බව ද පෙන්වා දුන්නේය. ඒ අනුව අලි සබ්‍රි මන්ත්‍රීවරයා විසින් ගොනුකර තිබූ පෙත්සමට අදාළව වගඋත්තරකාර පාර්ශ්වයේ උත්තර ලබන මැයි 7 වැනිදා අධිකරණය හමුවේ ගොනු කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය. පසුගිය වසරේ ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී නීති විරෝධී ආකාරයෙන් රත්තරන් ආභරණ තොගයක් සමග කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මුල්කර ගෙන තමාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපාහැරීම වළක්වන ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්නැයි පෙත්සම්කාර මන්ත්‍රීවරයා කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම පෙත්සමේ වගඋතතරකරුවන් ලෙස සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, එම පක්ෂයේ මහ ලේකම් සහිබ්ඩීන් සුබෙයිර්ඩීන් හා එක්සත් ජාතික සංවිධානයේ මහ ලේකම් මසිනුඩීන් නයිමුල්ලා යන මහත්වරුන් නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment