අම්බානිගේ මගුලට අපෙන් ගිය සූපවේදීන්ට වෙච්චදේ

15190


ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ .

ඔවුන් , සිට්‍රස් , හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්‍රස් හෝටලයේ , සිලෝන් කරි ක්ල්බ් , අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි .

මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි. ඔවුන් ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරපාන නවතම ක්‍රම වලට පිළියෙල කර පිරිනැමීම මෙම අවන්හල තුළ දී සිදු කර ගෙන ගොස් තිබුණි.

මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව ලබා දී තිබූණි.එහිදී ඔවුන් පිළියෙල කළ ආහාර වලට පැවති ප්‍රතිචාර පැසසුම් මත තවත් අතිරේක දිනයක් ලෙස 04 වැනිදා ද එම උත්සවයේ රාත්‍රී ආහාර ද පිළියෙල කිරීමේ වගකීම සහ අවස්ථාව හිමි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment