කාගීල්ස්, 2021 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් අතරට

406

කාගිල්ස් වෙනුවෙන් සමූහ මානව සම්පත් ප‍්‍රධානී ගිතා යසනායක සහ සමූහ ආයතන සන්නිවේදන කළමනාකාරිණී සඳමාලි හේවනායක යන මහත්මින් සම්මානය ලබාගත් අයුරු.

CIMA, ICC ශ‍්‍රී ලංකා සහ Daily FT විසින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් සඳහා ජයග‍්‍රාහකයන්ට සම්මාන ප‍්‍රදානය කිරීම පසුගිදා BMICH හිදී සිදුකරනු ලැබීය.

මෙම සම්මාන සදහා මූල්‍ය සාර්ථකත්වය පමණක් නොව සිය කොටස්කරුවන්, පාරිභෝගිකයින්, කාර්යමණ්ඩලය සහ ප‍්‍රජාව වෙනුවෙන් සමාගම එක් කරන වටිනාකම්ද සලකා බැලේ.

අත්‍යවශ්‍ය සේවා සපයන්නකු සහ ප‍්‍රමුඛ පෙළේ ආහාර සමාගමක් ලෙස කාගිල්ස් අභියෝගාත්මක වසරක් තුළ පවා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අඛණ්ඩව සැපිරීමට කටයුතු කරන ලදී. දිවයින පුරා සුපිරි වෙළඳසැල් 465 ක් සහ අවන්හල් 50 ක් පවත්වාගෙන යාමට අමතරව, කොත්මලේ, මැජික්, කිස්ට්, ගොල්ඞී, සැම්ස්, කාගිල්ස් ෆ්යිනස්ට් නිෂ්පාදන ඔබ වෙත ගෙන එන ආහාර නිෂ්පාදනාගාර 8 ක් කාගිල්ස් විසින් ක‍්‍රියාත්මක කරයි. ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය කෙරෙහි දක්වන සුවිශේෂී අවධානයත් සමග සමූහයේ ප‍්‍රධාන ආහාර සන්නාමයන් කාලයත් සමඟ ප‍්‍රමුඛතම ජාතික සන්නාමයන් බවට පත් වී ඇත. සිය අමුද්‍රව්‍ය දේශීයව සපයාගනිමින් දේශීය ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට වෙළදපොළක් නිර්මාණය කර දීමට කාගිල්ස් සෑමවිටම අවධානය යොමු කරන්නේ සෑම ප‍්‍රදේශයකම සංවර්ධනයට සහය වීමේ සහ දිවයින පුරා පවතින විශමතා අවම කිරීමේ සිය අරමුණු ඉටුකරගනිමිනි. කෘෂි හා කිරි ගොවීන් 23000 කට අධික ජාලයක් සමඟ කටයුතු කරන කාගිල්ස් දිවයිනේ තනි විශාලතම පළතුරු හා එළවළු එකතු කරන්නා සහ විශාලතම පුද්ගලික අංශයේ නැවුම් කිරි එකතු කරන්නා ද වේ. 2020/21 මූල්‍ය වසරේදී පමණක් කාගිල්ස් විසින් කිරි සහ කෘෂි කර්මාන්ත ක්ෂේත‍්‍ර සදහා රුපියල් බිලියන 9කට වැඩි ඍජු ආදායමක් උපයා දී ඇත.

සාමාජිකයින් 12000 කගෙන් සමන්විත කාගිල්ස්, ග‍්‍රාමීය තරුණ තරුණියන් සදහා රැකියා අවස්ථා උපයාදෙන ප‍්‍රමුඛතම සමාගමකි. කාගිල්ස් කණ්ඩායමෙන් 60‍%‍ ක් පමණ බස්නාහිර පළාතෙන් පිට පදිංචිකරුවන් වන අතර 70‍% ට වඩා වැඩි ප‍්‍රමාණයක් අවුරුදු 35 ට අඩුය. ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් සපයන අභ්‍යන්තර පුහුණු ඇකඩමිය වන Albert A’ Page Institute හරහා තම තරුණ කණ්ඩායමේ කුසලතා වර්ධනය කිරීමට සමාගම නිරන්තරයෙන් ඇප කැපවී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment