වැවුරුකන්නල බුදු රජ මහා විහාරය කළුවරේ – හැකි අයගේ ආධාර පතයි

127

ඓතිහාසික වැවුරුකන්නල බුදු රජ මහා විහාරස්ථානයේ ලක්ෂ 10 ඉක්මවා ගිය විදුලි බිල හේතුවෙන් ඉකුත් 19 වැනි දින දහවල විදුලිය විසන්ධි කරන ලදි. විදුලි සැපයුමට දැනට හැකි මුදලක් ගෙවූ විට යළි ලබාදීමට මාතර විදුලි දිස්ත්‍රික් කාර්යාලයේ විසන්ධි අංශයේ සේවක පිරිසක් පැමිණි බවත්, එහෙත් ඉතිරි මුදල් සතියක් ඇතුළත ගෙවිය යුතු බවටත් වූ කොන්දේසිය ඉටුකිරීමට තම විහාරස්ථානයට හැකියාවක් නොමැති බැවින් සම්පූර්ණ බිල ගෙවා යළි විදුලිය ලබාගන්නා තෙක් අඳුරේ සිටීමට දායක සභාව ඇතු`ඵ තමන් වහන්සේ තීරණය කළ බව විහාරාධිපති, හිටපු පරිවේනාධිපති පණ්ඩිත පූජ්‍ය කරතොට පඤ්ඤාශීල නාහිමියෝ පැවසුහ.

මෙහිදි අදහස් දැක්වූ නාහිමියෝ, මෙම විහාරස්ථානය හා අවට ප්‍රදේශය පූජා නගරයක් බවට ප්‍රකාශයට පත්කිරීමට 2008 දී එවකට අමාත්‍යවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇරයුමින් නාගරික සංවර්ධන අමාත්‍ය දිනේෂ්

ගුණවර්ධන මහතා පැමිණි අවස්ථාවේ එතුමාගේ ඉල්ලීම පරිදි විදුලි බිලෙන් නිදහස් විහාරස්ථානයක් බවට පත්කළා. නමුත් 2022 වසරේ සැප්තැම්බර් මස සිට යළිත් විදුලිය සඳහා මුදල් අයකරන බව දන්වා සිටියා. මාසෙකට විතර පස්සේ ලක්ෂ හතරක බිලක් ආවා. නිදහස් කළ කාලයටත් අය කර ඇති බවටයි අපි කල්පනා කළේ. කෙසේ වෙතත් විදුලි ගාස්තු විශාල ලෙස වැඩිවීමේ හේතුවෙන් මේ වන විට ලක්ෂ 10 කට අධික බිලක් ලැබී තිබෙනවා. මේ වනවිට රාත්‍රී කාලයේදී පුද පූජා සඳහා පැමිණෙන බැතිමතුන්ද, දෙස් විදෙස් සංචාරකයින්ද රාත්‍රී කාලයේ පාඩම් කටයුතු සිදුකරන ශිෂ භික්ෂුන් වහන්සේලා ඇතු`ඵ සියලුදෙනා මහත් අපහසුතාවයට පත්ව තිබෙනවා. යම් සහනයක් ලබාදීමට අදාල බලධාරීන්ද, ආධාර උපකාර කර කුසල් රැස්කර ගැනීමට කැමති බෞද්ධ ජනතාවගෙන්ද ඉදිරිපත්වන ලෙස කාරුණිකව ඉල්ලීමක් කිරීමට කැමතියි. මෙම කරුණු පිළිබඳ විමසීමට මාතර දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවරයා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට බොහෝ වේලාවක් ගත් උත්සාහය එදින ව්‍යාර්ථ විය. පිළිතුරු ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවුණි.
නිමල් හේමසිරි – රදම්පළ

advertistmentadvertistment
advertistmentadvertistment