ඉන්දියාව යළි පෙරමුණට

166

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 05 ක ජයග්‍රහණයක් ලබාගත් ඉන්දියාව යළිත් වරක් එම ඛාණ්ඩයේ පෙරමුණට පත්විය.

වර්ෂාව හේතුවෙන් බාධා එල්ල වූ එම තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය සඳහා ලකුණු 151ක් ලබා ගැනීමට බංග්ලාදේශයට සිදු වුවත් ඔවුන්ට පන්දු වාර 16ක් අවසානයේදී ලබාගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබාගත් අතර විරාත් කෝලි නොදැවී ලකුණු 64 ක් ලබාගෙන තරගයේ වීරයා බවට පත් වූයේය.
කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment