අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා -ඇල පිහිටි විමන් නිවාස ව්‍යාපෘතියේ නිවසක් හිමිකර ගැනීම සඳහා අසමසම වූ අවස්ථාවක් සලසා දෙමින් John Keells Properties සමාගම, ආකර්ෂණීය වූ නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ ඇත.

මෙම සහයෝගීතාවය ඇතිව John Keells Properties සමාගම, කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා විශේෂ උත්සවයක් කොළඹ 2, වොක්ෂෝල් වීදියේ පිහිටි John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. එහිදී එම පරිශ්‍රයේ ඉදිකර ඇති ජා -ඇල විමන් මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවාසය නැරඹීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි.

කොමර්ෂල් බැංකුවේ විකුණුම් සහ අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හස්රත් මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. විමන් හා එක්ව තම දේපළ කොටස් විවිධාංගීකරණය කිරීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන් සඳහා නම්‍යශීලී මූල්‍ය සේවා පැකේජ ලබා දීමට John Keells Properties සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කොමර්ෂල් බැංකුවට හැකිවීම පිළිබඳව අප අතිශයින් සතුටු වෙනවා. මෙම පැකේජයන් පහසු ණය යෝජනා සඳහා ආකර්ශනීය වූ පොලී අනුපාත සහිත පුද්ගල මූල්‍ය ඉලක්ක සහ ආපසු ගෙවීමේ හැකියාව සලසා දෙනවා. මෙම සහයෝගීතාවය තුළින් අනාගත ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට වටිනා අවස්ථාවක් හිමිවන අතර, වර්තමාන ආර්ථික පරිසරය තුළ ආයෝජනය සඳහා මෙය ඉතාමත් වටිනා තේරීමක් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment