ත්‍රිකුණාමලයේ උසස් බාලිකා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය වැඩිදියුණු කිරීමට ඩයලොග් – ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS හා සම්බන්ධ වේ

137

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම,ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ E-W Information Systems Ltd සහයෝගීතාවයෙන් පසුගියදා ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කර ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් සහ උපකරණ සමඟ වැඩිදියුණු කරන ලදී.

මෙම මහඟු කාර්ය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ආරම්භ කර ක්‍රියාත්මක කෙරිණි.

ඩයලොග් සමාගම විසින් තාක්ෂණය සමඟ නිර්මාණශීලීත්වය ගවේෂණය කිරීම සඳහා සම්පූර්ණ සංවේදක මොඩියුල සහිත Magicbit Pro ඒකක ලබා දුනි. Magicbit යනු නවෝත්පාදන වේදිකාවක් වන අතර Internet of Things (loT), රොබෝ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ ක්‍රමලේඛනය සඳහා සාදන ලද STEM මෙවලමකි. තවද ඩයලොග් විසින් නැණස TV පහසුකම සඳහා ස්මාර්ට් රූපවාහිනී සහ සම්පුර්ණයෙන්ම ගෙවන ලද අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම පාසල සඳහා ලබාදෙන ලදී. නැණස ටීවී යනු අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අමාත්‍යාංශය සමඟ ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වන අතර, සිංහල සහ දෙමළ භාෂාවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා අටක් හරහා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට උපකාරක පන්ති සේවාව සදහා නැණස රූපවාහිනී සේවය සමග සම්බන්ධ විය හැක.සෑම නාලිකාවකම විකාශනය වන අන්තර්ගතය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සපයනු ලබන අතර, එය දැඩි ලෙස අධීක්ෂණය කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment