සාපෙළ උපෙළ සිසුන් ඊයේ පාසල් කැඳවූවැයි හැටන් අන්ෆීල්ඩ් දමිළ විද්‍යාලයේ විදුහල්පතින්ට චෝදනා

136

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ඇන්ෆිල්ඞ් දමිළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් එම පාසලේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් (25) දින පාසලට කැ`දවා ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති බව ගුරු සංගම් චෝදනා කර සිටියි.

(25) දිනයේ එම පාසලේ ප‍්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සමගාමීව විදුහල්පතිවරයා විසින් එම පාසලේ අධ්‍යාපනය ලබන සමාන්‍ය පෙළ සිසුන් 40 පමණ සහ උසස් පෙළ හදාරන සිසුන් 15 ක් පමණ පාසලට කැ`දවා ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති බවට එම ගුරු සංගම් චෝදනා කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම පාසල වෙත ගොස් විදුහල්පතිවරයාට අවවාද කර පාසලට පැමිණ සිටි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් ආපසු නිවාස කරා යැවීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති රාධාක‍්‍රිෂ්ණන් මහතාගෙන් දුරකථන ඇමතුමක් ඔස්සේ කළ විමසුමකට ඔහු කියා සිටියේ පාසල් ළමුන්ට එන්නත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට එම පාසලේ උසස්පෙළ හදාරන සිසු සිසුවියන් පාසලට කැදවු බවත්, පාසලේ ප‍්‍රාථමික අංශයට (25) දින පැමිණි සිසු සිසුවියන්ව තම පාසලේ අධ්‍යාපන ලබන සාමාන්‍ය පෙළ සිසුන් විසින් කැදවාගෙන පැමිණ ඇති බවයි.

එසේ පැමිණි ළමුන්ට තම පාසලේ ඉගැන්විම් කටයුතු සිදු නොකළ බවද විදුහල්පතිවරයා පැවසීය.

ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment