ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත වේ

42

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවයින පුරා සිය ව්‍යාප්තිය පුළුල් කිරීමේ අරමුණින් ගලෙන්බිඳුනුවැව සහ නොරොච්චෝලේ යන ප්‍රදේශ වල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ස්ථාපිත කරන ලදී.

ගලෙන්බිඳුණුවැව පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center) පසුගියදා ගලෙන්බිඳුණුවැව බැංකු පාර, (පොලිස් ස්ථානය අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් ලලිත් ද සිල්වා මහතා – බෙදාහැරීමේ ප්‍රධානී (සාමාන්‍ය රක්ෂණ) , ජගත් වෙල්ගම මහතා සහකාර සාමාන්‍ය අධිකාරී/ප්‍රධානි ජාතික විකුණුම් (ජිවිත) උතුරු මැද ප්‍රාදේශීය කළමනාකරණය, අනුරාධපුර සහ මැදවච්චිය ශාඛා වල කළමනාකාරිත්වය, , එම ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ පාරිභෝගිකයින් සහභාගී විය.

නොරොච්චෝලේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය :Agency Business Development Center) පසුගියදා කල්පිටිය පාර, පානියාදෙණිය, නොරොච්චෝලේ යන ස්ථානයේදී විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් ජගත් වෙල්ගම මහතා සහකාර සාමාන්‍ය අධිකාරී/ප්‍රධානි ජාතික විකුණුම් (ජිවිත) වයඹ ප්‍රාදේශීය කළමනාකරණය, පුත්තලම ශාඛා වේ කළමනාකාරිත්වය, එම ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ පාරිභෝගිකයින් සහභාගී විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුලින් පාරිභෝගිකයින්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලු‍ම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment