ගැබ් ගෙල පිළිකා එන්නත මාස හයක සිට අතුරුදන්ලු

50

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගැහැනු දරුවන් සඳහා ලබාදෙන හියුමන් පැපිලෝමා වෛරස (HPV) එන්නත් දැනට මාස හයකට අධික කාලසීමාවක් මුළුල්ලේ මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන තුළ ක්‍රියාත්මක නොවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.

කාන්තාවක් තුළ පසුකාලීනව ගැබ් ගෙල පිළිකා ඇතිවීමේ අවදානම පහත හෙළීම සඳහා මෙම එන්නත ලබාදීම ඉතා වැදගත්ය.

සාමාන්‍යයෙන් හය ශ්‍රේණිය අධ්‍යාපනය ලබන ගැහැනු දරුවන් සඳහා මෙම එන්නත ලබා දෙන බැවින් පසුගිය වර්ෂයේ එන්නත ලබා නොදීම නිසා ලබන වසර වන විට එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන ගැහැනු දරුවන් ප්‍රමාණය වැඩිවීම ගැටලුවක් බවට පත්විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳව ඉක්මන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කරයි.

එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment