උතුරේ හොර අල්ලන්න සාගර හමුදාවක්

252

මෙරට උතුරු මුහුදු තීරයේ නීති විරෝධී ලෙස සිදුකරනු ලබන ඉන්දීය ධීවර කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සාගර ස්වේච්ඡා හමුදාවක් ස්ථාපිත කිරීමට ධීවර අමත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් පසුගියදා ඉදිරිපත් කළ බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය. උතුරු පළාතේ පිහිටුවා ඇති ධීවර සංගම් හරහා ධීවර පවුල්වල සාමාජිකයන් මෙම ස්වේච්ඡා හමුදාවට බඳවාගන්නා බව ද ඇමැතිවරයා පැවැසීය.

දිනකට බොටම් ටෝලර් යාත්‍රා උතුරු මුහුදු තීරයට පිවිසෙන බවත් එමගින් කිලෝ දාහකට අධික මාළු හා ඉස්සන් අල්ලා ගැනීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 350කට වැඩි මුදලක් අහිමි වන බවත් ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment