මහජන බැංකුවේ වාසි කෝටියයි දිනුම් ඇදීමේ මාසික මිලියනපතියන් තිදෙනකුට හිමි ත්‍යාග මුදල් පිරිනැමේ

67

මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි 2022’ දිනුම් ඇදීමේ ජුලි, අගෝස්තු සහ සැප්තැම්බර් මස මිලියනපතියන් වූ ඒ.කේ උපාලි ගුණවර්ධන, එස්.ඒ. මංජුලා දිල්හානි සහ ටී.ටී.ටී සෙනාලි පෙරේරා යන මහත්ම මහත්මින්ට හිමි චෙක්පත් ඔවුන් වෙත පිරිනැමීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී පසුගියදා සිදුකෙරිණි.

එමෙන්ම නොවැම්බර් මස 08 වැනි දින සිට දෙසැම්බර් 31 දක්වා සතිපතා රන් පවුම් දිනාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හත්දෙනාට හිමි රන් පවුම් පිරිනැමීමද මෙහිදි සිදුකෙරිණි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්,‘People’s Remittance වාසි කෝටියයි’ දිනුම් ඇදීම මහජන බැංකුව දියත් කරන ලදී.

මේ වන විට මහජන බැංකුව‘People’s Remittance වාසි කෝටියයි 2023 දී දියත් කර ඇති අතර, මෙහි අවසන් මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් කෝටියක් (රු.10,000,000ක්) පිරිනැමේ. එමෙන්ම දෙවැනි ත්‍යාගය ලෙස රුපියල් මිලියන 3ක් සහ තෙවැනි ත්‍යාගය ලෙස රුපියල් මිලියන 2ක් ලබාදෙයි. මීට අමතරව මාසික ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් බැගින් සහ සතිපතා ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත. වැඩියෙන් මුදල් එවන තරමට දිනුම් අවස්ථා වැඩිවේ.

2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා මහජන බැංකුවේ පුද්ගලික ගිණුම් වලට එවන සේවක ප්‍රේෂණ, මහජන බැංකු ශාඛා කවුන්ටරයකින් මුදල් ලබාගැනීම (B2B) සඳහා එවන සේවක ප්‍රේෂණ සහ Western Union, Ria හෝ ඊට සමාන වෙනත් මාධ්‍යයන් ඔස්සේ මහජන බැංකු ශාඛා වලින් මුදල් ලබාගැනීම සඳහා එවන ප්‍රේෂණ ලබන සියලුම ගනුදෙනුකරුවන් මේ දිනුම් ඇදීමට සුදුසුකම් ලබයි. මේ අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ මහතා, එතෙර ගනුදෙනු සේවා අංශයේ සහකාර සාමාන්‍යාධිකාරිනි අරුණි ලියනගුණවර්ධන, ප්‍රධාන කළමනාකාරිනි රේණුකා අරුණාචලම් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි තිළිණි පෙරේරා යන මහත්මින් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment