උතුරේ පක්ෂ සමග ජනපති කතා සරුවෙයි

248

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතක් අතර පැවැති සාකච්ඡා ඉතා ඵලදායී මට්ටමක පැවැති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

ඉකුත් 11 වැනිදා සාකච්ඡා කොළඹ දී ආරම්භ වූ අතර එහි පළමු දිනයේ පැවැති සාකච්ඡාවේ දී දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, උතුරේ ඉඩම් ප්‍රශ්නය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පිළිබඳව ජනාධිපතිවරයා සමග ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව ද හෙතෙම කීවේය.

ඊට අමතරව උතුරු නැගෙනහිර ජනතාව ආගමික ස්ථාන සම්බන්ධයෙන් මුහුණ පා සිටින ගැටලු සහගත තත්ත්වයත් වර්තමානයේ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ද සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පසුවට පැවැත්වෙන සාකච්ඡාවල දී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් වන කරුණු හා සෙසු දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඔහු කීවේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment