අධිභාර බද්දට එරෙහිව මද්දුම බණ්ඩාර උසාවියට

110

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පත ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේනතු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සමේ වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇත.

එම අධිභාර බදු පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝණය වන බවත් එබැවින් මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයකින් හා ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට නිගමනය කරන ලෙසත් පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment