සිංගර්, සිය නවතම Honor 90 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

96

ලෝ ප්‍රකට Honor ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළ ගෙන්වා බෙදා හරින්නා වන සිංගර් සමාගම, නවතම තාක්ෂණයෙන් සමන්විත Honor නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කටයුතු කර ඇත.

චීනයේ අංක 1 ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Honor, දැරිය හැකි මිලට මෙරට පාරිභෝගිකයින් අතට පත් කරන නවතම Honor 90 නිෂ්පාදන පෙළ පසුගියදා නිල වශයෙන් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත නිකුත් කෙරිණි. රුපියල් 149,999/- ක ආරම්භක මිලකට ලබා දෙන Honor 90 ස්මාර්ට් ජංගම දුරකථනය මෙරට ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ආරම්භය ලෙස හඳුන්වා දිය හැකිය.

සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා නවතම Honor 90 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ පිළිබඳ ව අදහස් දක්වමින්, ,Honor 90, Honor 90 Lite, Honor X5, Honor Plus, සහ Honor X6a යන නවතම ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඉතා සුවිශේෂී, දැරිය හැකි මිල

ගණන් යටතේ හඳුන්වා දෙන Honor 90 නිෂ්පාදන පෙළ, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව ඉතා ආදරයෙන් වැළඳ ගනු ඇති බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.
Honor 90 නිෂ්පාදනවල ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි පිටුපස මෙගා පික්සල් 200 ක සංවේදකයක් සමඟ කැමරා තුනකින් සමන්විත වීමයි. මෙම අති නවීන කැමරා පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබා දෙන අතර, මෙගාපික්සල් 50 ක ධාරිතාවකින් යුත් ඉදිරි කැමරාව සෙල්ෆි ඡායාරූප සඳහාම සුවිශේෂත්වයක් දරයි.

සිංගර්, සිය නවතම Honor 90 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

මෙරට වෙළෙඳපොළේ ඇති වෙනත් ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි හා සසඳන විට, Honor 90 ඉතා ඉහළ ධාරිතාවකින් යුක්ත වන අතර, X5Plus, X6a සහ H90 Lite යන නිෂ්පාදන පෙළ දේශීය පාරිභෝගිකයින්ගේ විවිධ වූ අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙයි.

2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් Honor ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ඉතා කෙටි කලකින් මෙරට ජනතාවගේ විශ්වාසය හා ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. ජංගම දුරකථන තාක්ෂණයේ

නවතම අත්දැකීම් අත්විඳීමට කැමැත්තක් දක්වන දක්වන පාරිභෝගිකයින්ට නව Honor 90 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ දිවයින පුරා පිහිටි සියලුම සිංගර් ප්‍රදර්ශනාගාරවලින් සහ බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

තාරක වර්ණකුලසූරිය මහතා (සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි කළමණාකරු – ඩිජිටල් නිෂ්පාදන), ශනිල් පෙරේරා මහතා (සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ), ජියන්මින් හී මහතා (Honor Corporation සමාගමේ අධ්‍යක්ෂ (සැපයුම් දාම කළමනාකරණ) මහේෂ් විජේවර්ධන මහතා (සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී), කුන් චෙං මහතා (Honor Corporationහි සාමාන්‍යාධිකාරී ශ්‍රී ලංකාව සහ පැපුවා නිව්ගිනියාව) තුලිත මෙන්ඩිස් මහතා (වාණිජ අධ්‍යක්ෂ, සිංගර් ශ්‍රී ලංකා සමාගම) සහ රනිදු සිල්වා මහතා (Honor නිෂ්පාදන කළමනාකරු, සිංගර් ‘ශ්‍රී ලංකා’ සමාගම). යන මහත්වරු ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment