පොලිසිය සහ හැව්ලොක්ස් ක්ලිෆර්ඩ් කුසලාන අවසන් පූර්ව වටයට

69

ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “ක්ලිෆර්ඩ් අභියෝග කුසලාන” අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ පළමු අර්ධ අවසාන පූර්ව තරගය ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජයට හැකි විය.

දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය හැව්ලොක්ස් පිලට හිමි විය.

ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 29 – 27 ක අතිශය තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වන අතර වාරයේදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 55 – 05 ක පහසු ජයග්‍රහණයක් හැව්ලොක්ස් පිලට ඊයේ (29) සවස ලැබිණි.

ලීග් ශූර සී.ආර්. පිලට එරෙහිව 05 දින පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට අවතීර්ණ වීමේ අවස්ථාව ඒ අනුව පොලිස් පිලට හිමි විය. සී.එච්. පිල සහ යුද හමුදාව අතර අද (01) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිව ඊයේ (28) තරගය ජයගත් හැව්ලොක්ස් පිල අවසන් පූර්ව වටයේදී හමුවෙනු ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment