බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නෑ – බස් මගීන්ගේ සංගමය

144

අද සිට සාමාන්‍ය බස් ගාස්තුව 11.14% කින් සහ අවම බස් ගාස්තුව රු. 38 සිට රු. 34 දක්වා පහත දැමීමට ගත් තීරණය ප්‍රෝඩාකාරී තීරණයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. එම බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැති බව ද එම සංගමය කියයි.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන අනුව මගීන් පමණක් රැගෙන යෑමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව ඉහළ දැමූ ගාස්තුව සම්පූර්ණයෙන් ඉවත් කිරීම පිළිබඳව සලකා නොබලමින් මෙම තීරණය ගෙන තිබෙන බව එම සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පවසයි. QR ක්‍රමය යටතේ බස් රථ සඳහා ලබාදෙන ඩීසල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් එම කෝටාව ඉහළ දැමීම සිදුකරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment