LOLC ෆිනෑන්ස් ISO 14064:1 හරිතාගාර වායු සත්‍යාපන සහතිකය හිමිකරගනී

36
LOLC ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මොන්ටිනි වර්ණකුල මහතා, LOLC ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය ප්‍රධානී බුද්ධික වීරතුංග මහතා සමඟ ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙතින් ISO සහතිකය ලබාගනී.

වසර 2030 වනවිට කාබන් මධ්‍යස්ථභාවය (Carbon Neutrality) සාක්ෂාත් කර ගැනීම උදෙසා සිය අචල කැපවීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, LOLC ෆිනෑන්ස් පීඑල්සී වෙත පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල විසින් හරිතාගාර වායු (GHG) ප්‍රමාණකරණය සහ වාර්තාකරණය වෙනුවෙන් ISO 14064:1 හරිතාගාර වායු සත්‍යාපන සහතිකය පිරිනමන ලදී.

ISO 14064 – 1: 2018 ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන ලද හරිතාගාර වායු සත්‍යාපන ප්‍රකාශනය මගින් 2023 වර්ෂය සඳහා LOLC ෆිනෑන්ස් පීඑල්සී හි හරිතාගාර වායු විමෝචනය වෙනුවෙන් දැඩි නිර්ණායක සපුරාලන “සාධාරණ මට්ටමේ සහතිකයක්” සපයයි.

මෙම ඇගයීම මගින් සමාගමේ ප්‍රධාන කාර්යාලය සහ ශාඛා 204 ඇතුලත් එහි පුළුල් ජාලය ආවරණය කරයි. මෙම පරිපූර්ණ හරිතාගාර වායු ඉන්වෙන්ට්‍රියට ISO 14064 -1: 2018 මගින් අර්ථ දක්වා ඇති විෂය පථ තුනම (1, 2, සහ 3) ඇතුළත් වේ.

එමගින් අනාවරණය කල පරිදි LOLC ෆිනෑන්ස් පීඑල්සී 2022 වසරේ අප්‍රේල් 1 වැනිදා සිට 2023 වසරේ මාර්තු 31 දක්වා, කාලසීමාව තුළ ටොන් 7,734 කට සමාන සමස්ථ CO2 ප්‍රමාණයක් විමෝචනය කර ඇති අතර, ඊට කාබන්ඩයොක්සයිඩ් ටොන් 4,450 කට සමාන සෘජු හරිතාගාර වායු විමෝචන සහ CO2 ටොන් 3,284 කට සමාන අනෙකුත් වක්‍රාකාර හරිතාගාර වායු විමෝචන ඇතුලත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment