කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

278


මෙම මස 21 වැනිදා රාත්‍රී 10.00 සිට පසු දින පෙරවරු 8.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ මහනගර සභා බල සීමාවේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ප්‍රවාහන මණ්ඩලය පවසයි.හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවද සඳහන් කරයි.ඒ අනුව කොළඹ 12,13,14,15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.එසේම මෙම කාලය තුළ කොළඹ 01 සහ 11 යන ප්‍රදේශ වලට අඩු පීඩන ජල සැපයුමක් සපයයි.

advertistmentadvertistment
advertistmentadvertistment