සජිත්ගේ සංස්කෘතික වැඩ විගණකාධිපති හෙළි කරයි

774

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2015 සිට 2019 දක්වා යහපාලන ආණ්ඩුවේ නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදුවූ රාජ්‍ය මුදල් රුපියල් බිලියන ගණනක අවභාවිතයක් පිළිබඳව වන වාර්තාවක්ද විගණකාධිපතිවරයා නිකුත් කර තිබේ.සංස්කෘතික අරමුදලට මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ දෙස් විදෙස් සංචාරකයින් මෙරට සංස්කෘතික උරුමයන් නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන ආදායමෙනි.එම අරමුදල අවභාවිත වී ඇති අයුරු එම විගණන වාර්තාවෙන් තහවුරු කර ඇත.2015 සිට 2019 දක්වා කාලය තුළ සංස්කෘතික අරමුදලේ සමස්ත වියදමෙන් සියයට 38ත් සියයට 58ත් අතර මුදලක් වැය කර ඇත්තේ සේවක නඩත්තුව සඳහා බව පෙන්වා දෙන විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ සංස්කෘතික අරමුදලේ ප්‍රමුඛතම අරමුණ වන්නේ පුරාවිද්‍යා කැණීම්වලට බවය.

advertistmentadvertistment
advertistmentadvertistment