මුදලිගේ ඇතුළු 56 ක් පොලිස් භාරයට

132

පනවා තිබෙන කෝන්දේසි ඉවත්කර සියලුම ශිෂ්‍ය භික්‍ෂූන්ට හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්ස්ලා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී විරෝධතාවක නිරතවීමේ චෝදනා මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පනස් හයදෙනකුට අධික පිරිසක් ඊයේ (23 දා) සවස පොලිස් භාරයට ගනු ලැබූහ.

විරෝධතා පුවරු හා සටන් පාඨ කියමින් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු විශ්විද්‍යාල ශිෂ්‍යයෝ හා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා අමාත්‍යාංශයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් අමාත්‍යාංශයට ඇතුළු වූහ.

මුදලිගේ ඇතුළු 56 ක් පොලිස් භාරයට

අමාත්‍යාංශය තුළට පැමිණි විරෝධතාකරුවන් එහි තුන්වන මහලේ පිහිටි අධ්‍යාපන ඇමැතිවරයාගේ නිල කාමරය අසලට පැමිණ බිම වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සියලු සිසුන්ට විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස කියමින් විරෝධතා වේ නිරත වූහ.

අමාත්‍යාංශය පරිශ්‍රය අසල ඇති වී තිබූ දැඩි නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිසිවල සහාය ලබාගන්නා විටත් විරෝධතාකරුවන් එම පරිශ්‍රය ඇතුළට වී උද්ඝෝෂණයේ නිරතවී සිටීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. පසුව පොලිසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කළහ.

රාජ්‍ය අමාත්‍යාංශයකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ශිෂය භික්‍ෂූන් වහන්සේලා පොලිස් භාරයට ගනු ලැබූහ.

ශිරාන් රණසිංහ, හේමන්ත රන්දුණු,

advertistmentadvertistment
advertistmentadvertistment